අඩු ආදායම් ලාභීන්ට මෙන්න සුබ ආරංචියක්. - අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට තවත් අවස්ථාවක්.

Ranjith Siyambalapitiya Government Of Sri Lanka
By Wayomi Dec 25, 2023 03:36 AM GMT
Wayomi

Wayomi

Report

ලබන ජනවාරි මාසයේ දී අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

ඒ, කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නිසි පරිදි ඉල්ලුම් පත්‍ර යොමුකිරීමට නොහැකි වු පාර්ශව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවයි එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අඩු ආදායම් ලාභීන්ට මෙන්න සුබ ආරංචියක්. - අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට තවත් අවස්ථාවක්. | Here Is Good News For Low Income Earners

"දැනට අපි මේකේ පළමුවෙනි අදියර ක්‍රියාත්මක කළා. දැන් අපි දකිනවා ඒ අවස්ථාවේ දී අපි මුහුණ දුන්න ප්‍රායෝගික ගැටලු. සුදුස්සන් සොයාගැනීමේ දී, අත්දැකීම් තියෙන රාජ්‍ය නිලධාරීන් කොහොමද මේකට හවුල් කරගන්නේ, අපේ නිර්ණායක තුළ තියෙන ප්‍රායෝගික ප්‍රශ්න. මේවා ඔක්කෝම එක්ක ජනාධිපතිවරයා නියෝග කරලා තියෙනවා ජනවාරිවල නැවත ඉල්ලුම්පත්‍ර කැඳවන්න. මොකද පිරිසක් ඉන්නවා මේ අවස්ථාවේ අයදුම්පත්‍ර දාන්න බැරි වුණ. ඒ නිසා අයදුම්පත්‍ර කැඳවීම නැවත කරනවා. මුලිකව ලක්ෂ 20ක පවුල් ප්‍රමාණයක් තමා මේකට තෝර ගත්තේ. හැබැයි අවශ්‍ය විටක පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරලා අපිට සීමාව වැඩිකරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා මේ ලක්ෂ 20, ලක්ෂ 24 දක්වා වැඩිකරන්න." 

ReeCha