අනුමැතිය දුන්නට නිවසේම ඉන්නේ නැතුව රෝහලට එන්න (VIDEO)

By Wasantha Aug 10, 2021 06:12 AM GMT
Report

යම් කෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදයන වී ඇති නම් ඔබට ඊට අවශ්‍ය සත්කාර නිවසේදී ලබාදීමට නොහැකි නම් හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ කොරෝනා ආසාදනය වූ යම් පුද්ගලයෙකු නිවසේ රඳවාගෙන ප්‍රතිකාර කිරීමට මේවන විට අනුමැතිය ලබාදී ඇති බවයි.

එසේ අනුමැතිය ලබාදී තිබුන ද අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට හෝ රෝගය උත්සන්න වූ අවස්ථාවක නිවසේ තවදුරටත් රැඳී නොසිට හැකි ඉක්මනින් රෝහල වෙත පැමිණ වෛද්‍ය උපදෙස් ලබාගන්න ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.  



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now