ප්‍රදේශයකට මිලිමීටර් 314ක වර්ෂාපතනයක්
heavy rain
kalani river
allagava
hanvalla
magura
By Sewvandhi
දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැනට පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ නිරිතදිග කොටසේ විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටයි මෙම අයහපත් කාලගුණික තත්වයෙන් බලපෑම් එල්ලවී ඇත්තේ.
අද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකියි. මේ අතර අද පෙරවරු 9න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුල ගංගා කිහිපයක ජල පෝෂක ප්‍රදේශවලින් වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කලු ගඟේ ඇල්ලගාව ප්‍රදේශටයි.එම ප්‍රමාණය මිලිමීටර් 314.6ක්.
කැළණි ගඟේ හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර් 178.3ක වර්ෂාපතනයක් වාර්තාවී තිබෙනවා. මගුරු ගඟේ මගුර ප්‍රදේශයේ සටහන් වී ඇති වර්ෂාපතනය මිලිමීටර් 121.8ක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |