හෙට දිනයේ කාලගුණය වෙනස් වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව දැන්ම දැනුවත් වෙන්න
හෙට දිනයේ (02) සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැක. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක. මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.
බස්නාහිර, සබරගමුව, දකුණ, උතුරුමැද, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ මන්නාරම, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40-50 ක පමණ තද සුළං අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.