ලංකාව රනින් බැබළ වූ රුමේෂ් තරංගට අගමැතිනි හරිනි අමරසූරියගෙන් සුභ පැතුම්
By Ashfa
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදි මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව ලැබූ පළමු රන් පදක්කම දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සමත් වී ඇත.
ඒ සම්බන්ධයෙන් ආචාර්ය හරිනි අමරසූරිය සිය සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබේ.
”රුමේෂ් තරංග, ඔබ ගැන අපට ඇත්තේ අසීමිත ආඩම්බරයක් ඔබගේ මේ ජයග්‍රහණය ජාතියක් ලෙස සිහින හඹා යමින්, එකමුතුවෙන් අපට කළ නොහැක්කක් නොමැති බව ලොවට පෙන්වා දුන්නා” යනුවෙන් සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබේ.