15 හැවිරිදි දැරිය අපයෝජනයට අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්

galkissa girl abuse heart doctor welisara army hospital panadhura
By Sewvandhi Jul 06, 2021 10:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලිංගික ක්‍රියා සඳහා 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයා ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හෘද රෝග විශේෂඥයකු වන සැකකරු වැලිසර නාවික හමුදා රෝහලේ සේවය කරන අතර ඔහු ලෙෆ්ටිනන් කමාන්ඩර් තනතුරෙහි සේවය කරන්නෙකු බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අවස්ථා දෙකකදී මෙම විශේෂඥ වෛද්‍යවරයා පහළොස් හැවිරිදි දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර ඒ වෙනුවෙන් වරකට රුපියල් 15,000 බැගින් අවස්ථා දෙකකදී රුපියල් තිස් දහසක් වැයකර තිබෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව අද අළුයම අදාළ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බණ්ඩාරගම ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරයා සහ අනෙක් පුද්ගලයා අද අධිකරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අනුව මෙම දැරිය අපයෝජන සිද්ධියට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 34ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



ReeCha