දොස්තරලා-ප‍්‍රාදේශීය ලේකම්ලා ගැටෙයි.. කොළඹ අවුල් ජාලාවක් වෙයි..

Colombo Healthy ministry
By Aruna Jun 11, 2021 05:19 AM GMT
Aruna

Aruna

Report

කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් එම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් පෙරේදා රාත්‍රියේ සිට ඉවත් වී සිටී.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා සඳහන් කරන්නේ තම නිලධාරීන් එම රාජකාරි වල කටයුතු කිරීම කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දැක්වීම නිසා මෙම තීරණය ගත් බවයි.

ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සෙසු නිලධාරීන් එන්නත් කරන වැඩපිළිවෙලට සම්බන්ධ වීම අනවශ්‍ය අතපෙවීමක් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යවා ඇතැයි ද ඔහු පැවසීය.

තම නිලධාරීන් කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩසටහන් වලින් ඉවත් වීම හේතුවෙන් එම වැඩසටහන් ඊයේ දිනයේ අවුල් ජාලාවක් බවට පත්වී තිබුණේ යැයි තොරතුරු ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now