නීතිවිරෝධී ලෙස අතිකාල කියලා කෝටි 3,923 සුද්ධ කරලා

Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka Crime Latest Headlines Sinhala news
By Ashfa Jul 04, 2025 02:50 AM GMT
Ashfa

Ashfa

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි 3කට වැඩි මුදලක් වැය කර ස්ථාපිත කළ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන අක්‍රියව තැබූ අවස්ථාවේ, නීතිවිරෝධී ලෙස අතිකාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් කෝටි 3,923ක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාල වාර්තාවක් හෙළි කරයි.

"මිනීමරුවොවත් මෙහෙම ගහන්නෑ" - පොලිස් නිලධාරීන් ගහලම මරලා

"මිනීමරුවොවත් මෙහෙම ගහන්නෑ" - පොලිස් නිලධාරීන් ගහලම මරලා

භාණ්ඩාගාර ලේකම්වරයාගේ පැහැදිලි උපදෙස් අනුව යන්ත්‍ර ක්‍රියාත්මක නොකෙරේ නම් අතිකාල දීමනා නොගෙවිය යුතුයැයි සඳහන්ව ඇති අතරත්, 2023 වර්ෂයේදී එයට පටහැනිව අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවී ඇති බව වාර්තාව පෙන්වයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මෙම ගෙවීම් සමස්ත වැටුප් වියදමේ 72%ක් ලෙස පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තිරසර සංවර්ධන දර්ශක 31ක් වෙතින් 13ක් සඳහා පමණක් 2023 වර්ෂයේදී ප්‍රගතිය වාර්තා වී නොමැති අතර, වාර්තා වූ දර්ශක 12ක් සඳහාත් අවශ්‍ය කාර්ය සාධන මට්ටම් ලබාගෙන නැති බවද සඳහන් වේ.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

එමෙන්ම, 2022 සහ 2023 වසරවලදී රුපියල් කෝටි 2,200කට වැඩි වටිනාකමකින් යුතු හදිසි ප්‍රසම්පාදන 663ක් සිදුකර තිබුණද, එම කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා නොගෙන ඇති බවද ජාතික විගණන කාර්යාලය දක්වයි.   

ReeCha