ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර ලැබේ
ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන සඳහා, වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින චමින්ද රවී ජයනාත් හෙවත් "දෙමටගොඩ චමින්ද" නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබේ.
මෙම ඝාතන සැලසුම පිටුපස පවතින සබඳතා සහ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.