හයවන දිනය අවසන්වන විට චෙම්මනි සුසාන භූමියෙන් සිරුරු 245 කට අදාළ අස්ථි කොටස්
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පිහිටි සමූහ මිනීවළේ හයවන අදියරේ කැණීම් කටයුතු පිළිබඳ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී.කේ. නිරංජන් මහතාට අනුව, හයවන දිනය අවසන් වන විට එහි තිබී මිනිස් සිරුරු 245 කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇත.
යාපනය මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පසුගිය අප්‍රේල් 27 වනදා මෙම හයවන අදියරේ කැණීම් කටයුතු ආරම්භ විය.
පස්වන අදියර අවසානයේදී සිරුරු 240 කට අදාළ කොටස් මතු කරගෙන තිබූ අතර, වත්මන් කැණීම්වලදී තවත් සාක්ෂි රැසක් හමුවෙමින් පවතී.