ලංගම පෞද්ගලික බස් හටනින් ලංගම ඩිපෝවට දැවැන්ත පාඩුවක්
ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනය කිරිමට නිකුත් කර ඇති කාලසටහන උල්ලංඝණය කරමින්, මධ්‍යම පළාත් නුවරඑළිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බල ප්‍රදේශවල, පෞද්ගලික බස් රථ ධාවනය කිරීම හේතුවෙන් හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායම් තත්ත්වයක් අහිමි වී ඇති බව එම ඩිපොවේ කළමණකාරවරයා විසින් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව හැටන් සහ නුවරඑළිය පෞද්ගලික බස් නැවතුම්පොළවල්වලින් නියමිත වේලාවට පෞද්ගලික බස් රථ ධාවනයට එක් කළ ද, එම බස් රථ සිය ගමනාන්තය වෙත නියමිත වේලාවට ධාවනය නොකිරිම හේතුවෙන්ද ඊට පිටුපසින් ලංගම බස් රථය ධාවනය කිරිම හමුවේ, මෙම ආදායම් තත්ත්වය පහළ බැස ඇති බව අඳාළ ලිපියේ සදහන් කර ඇති බව සඳහන්.
එසේම හැටන් ලංගම ඩිපොවේ උසස් නිළධාරියෙකු ප්‍රකාශ කළේ හැටන් පෞද්ගලික බස් රථ වේලා සටහන්කරුවන්ට පෞද්ගලික බස් රථවලින් සන්තෝසමක් ලැබීම හේතුවෙන් ලංගම සහ පෞද්ගලික ඒකාබද්ධ ධාවන කාලසටහන ඔවුන් විසින් ක්‍රියාත්මක නොකරන බවයි.
කෙසේ වෙතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් දෙපාර්ශවයම හැටන් නගරයෙදි කැදවා හෙට දින සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ උසස් නිළධාරියෙකු සඳහන් කළ බව වාර්තා වේ.