තලේබාන් ත්‍රස්තයන් ඇෆ්ඝන් හිටපු ජනපති හමුවට

By Wasantha Aug 18, 2021 11:16 AM GMT
Report

තලේබාන් සංවිධානයේ අණ දෙන නිලධාරියෙකු මෙන්ම එහි ඇති අන්තවාදී කණ්ඩායමක් වන හක්කානි ත්‍රස්ත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අනාස් හකානි ඇෆ්ඝනිස්ථානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි මුණ ගැසී තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා හමීඩ් පාලනය පැවැති සමයේ සාම දූතයෙකු ලෙස කටයුතු කළ අබ්දුල්ලා අබ්දුල්ලා ද සම්බන්ධව සිට තිබෙන බවයි සඳහන් වන්නේ.අ ඇෆ්ඝනිස්ථානයේ සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාරයන් සඳහා ඍජු චෝදනා එල්ල වූ කණ්ඩායමක් ලෙසද හක්කානි ත්‍රස්තයන් හඳුන්වනු ලබනවා.

කාබුල් නුවර අල්ලා ගැනීම සඳහා වන සටන් මෙහෙය වන ලද්දේ ද මෙම හක්කානි ත්‍රස්ත කණ්ඩායම විසිනි. මෙහිදී සාකච්ඡා කළේ කුමක් ගැනද යන්න පිළිබඳව මෙතෙක් විස්තරයක් හෙළි වී නැහැ. මේ වන විට ඇෆ්ඝනිස්ථානයේ සම්පුර්ණ රාජ්‍ය බලය තලේබාන් සංවිධානයට නතුව තිබෙනවා.