ජපානයේ රිච්ටර් මාපක 5.9ක භූචලනයක්
By Aylin Zoya
අද (20) ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයහි දකුණු දූපත් ආශ්‍රිත ප්‍රදේශවල රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූමිකම්පාවේ කම්පන තත්ත්වය එම ප්‍රදේශයේ විවිධ ස්ථානවලට දැනී ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ වන විට හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන් නිල වාර්තා තහවුරු වී නොමැති බවද සඳහන් වේ.
භූමිකම්පාව සම්බන්ධයෙන් ජපානයේ බලධාරීහු වැඩිදුර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටිති.