ඉඩම්වල පරම අයිතිය ලබාදීම ගැන රජයෙන් විශේෂ තීරණයක්..!
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Cabinet
By Sewvandhi
සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා, ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ඉඩම් අවසරපත්‍ර සහ දීමනාපත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබාදීමට අදාළ 'උරුමය වැඩසටහන' යටතේ පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍රයක් නිකුත් කිරීමට අදාළව කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එනම්, මෙලෙස ඉඩම් අවසරපත්‍ර සහ දීමනාපත්‍ර ලාභීන් අදාළ භූමිය මානව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට යොදවා ගැනීමේදී විවිධ ගටලුවලට මුහුණපෑමට සිදුව තිබේ.
ජනපති විසින්,2024 අයවැය කතාවේදී මෙම ගැටලු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ඉඩම්වල පරම අයිතිය ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට ලබාදීම සඳහා යෝජනා කළේය.
ඒ අනුව 'උරුමය වැඩසටහන' යටතේ 2024 වර්ෂය ඇරඹුමේ සිට එම වැඩපිළිවෙල ආරම්භ කර වසර කිහපයක් තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
