ග්‍රාම නිලධාරී තරඟ විභාගය දෙසැම්බර් මාසයේදී.

Dinesh Gunawardena Prime minister Sri Lanka
By Hashini Nov 02, 2023 11:15 AM GMT
Hashini

Hashini

Report

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසන්නේ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය දෙසැම්බර් මස පළමු සතියේ දී පවත්වා මාස තුනක් ඇතුළත පත්වීම් දී අවසන් කරන බවයි.

මේ වන විට 3000ක් පමණ වූ ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා ඉල්ලූම්පත්‍ර කැඳවා ඇති බව ද අග්‍රාමාත්‍යවරයා පවසනවා.

නීත්‍යානුකූලව ඒ සියලු ඉල්ලුම්පත්ලාභීන්ට විභාගයට සහභාගිවීමට අවස්ථාව ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ''අලුත් ගමක් – අලුත් රටක්” ජාතික වැඩසටහනට සමගාමීව පැවති රැස්වීමකට එක වෙමිනි.

පුරප්පාඩු ඇති දුෂ්කර ප්‍රදේශවල විශේෂ සුදුසුකමක් මත විභාගය පවත් වීමත් ඉන් පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. 

ReeCha