ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය විසින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී නිකුත් කරන බව සඳහන් කළ බව වාර්තා වේ.
ඒ අනුව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 20 වැනි දින ආරම්භ කර 25 වැනි දින වන විට අවසන් කිරීමට නියමිත බව සඳහන්.
එසේම විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366 ක් ද, දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723ක් ද ලෙස සමස්ත වශයෙන් අයදුම්කරුවන් 294,089 ක් පෙනී සිටි බවත් ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් පැවැති බවත් ඇය සඳහන් කර ඇත.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඊයේ (09) දින විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවත්වූ අතර කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.