ඉදිරි තෙල් සැපයුම පිළිබඳව රජයෙන් ඉගියක් - කරන්න යන දේ මෙන්න

Report

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා වන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍යයන් අතර ඇති කරගන්නා ගිවිසුම් (G2G) මඟින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි.

මෙම ක්‍රියාවලියේ ඉදිරි පියවරක් ලෙස රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, එහිදී ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා පවත්වනු ඇත.

සුබ ආරංචියක් - රජය ඉන්ධන සම්බන්ධයෙන් තවත් විශේෂ තීරණයක් ගනී

සුබ ආරංචියක් - රජය ඉන්ධන සම්බන්ධයෙන් තවත් විශේෂ තීරණයක් ගනී

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට සූදානම් බවට මෙරට ඉරාන තානාපතිවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

එම ස්ථාවරය අගය කරන නමුත්, ඉන්ධන ප්‍රවාහනය සඳහා අවශ්‍ය නෞකා පහසුකම් ඇති රටවලට එවැනි අවස්ථාවලින් ප්‍රයෝජන ගත හැකි වුවත්, ශ්‍රී ලංකාවට පවතින සීමාවන් හේතුවෙන් එම ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

කෙසේ වෙතත්, වත්මන් ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා දැනටමත් ඇණවුම් කිහිපයක් ලබා දී ඇති බවත්, ඒ අනුව එළැඹෙන අප්‍රේල් මාසයේදී ඉන්ධන නෞකා කිහිපයක් මෙරටට ළඟා වීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.