රාජ්‍ය ආයතන වලට දැනුම් දීමක්...මේදේ අනිවාර්යයෙන්ම කරන්න.

Sri Lanka PHI Government service
By Aruna Oct 06, 2021 02:47 AM GMT
Aruna

Aruna

Report

විවිධ සේවාවන් ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය ආයතන වෙත මහජනතාව වැඩි වශයෙන් පැමිණෙන ආකාරක් මේ දිනවල දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව වැඩි වශයෙන් එක්රැස් නොවන අයුරින් එම ආයතන පවත්වාගෙන යාමට වගකිව යුතු අංශ කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

ආදායම් බලපත්‍ර, රජයේ විවිධ ගාස්තු වැනි කටයුතු සඳහා යම් සහන කාලයක් ලබාදී ආයතන තුළ ඇතිවන තදබදය මගහැරවීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha