දුන් මුදල්වලට අමතරව ආපදාවන්ට ලක්වූවන්ට රජයෙන් තවත් සහනයක්

Report

ආපදා තත්ත්වයන් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නඟාසිටුවීම සඳහා නව සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වසර 3ක කාලයක් සඳහා අරමුදල් සැපයීමට නියමිත අතර, එහි පොලී අනුපාතය අවම 3%ක් වැනි අගයක් ලෙස සකස් කර ඇත.

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

සියලු පාසල්වලට නිවේදනයක් - මේ විභාග අවලංගුයි

ඉදිරියට, මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් මාස 6ක සහන කාලයක් ලබා දෙන අතර, ක්ෂුද්‍ර ව්‍යවසාය (Micro Enterprises) සඳහා ලබා දෙන උපරිම ණය මුදල රුපියල් 250,000 ක් වේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (Small and Medium-Scale Enterprises) සඳහා ලබා දෙන උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 10 ක් ලෙස නියම කර තිබේ.

මහින්දට සැත්කමක් - කතාවේ ඇත්ත නැත්ත මෙන්න

මහින්දට සැත්කමක් - කතාවේ ඇත්ත නැත්ත මෙන්න