දෙපාර්තමේන්තු දෙකක් ගැන රජය තීරණයක් ගනී.
By krishani
රජය මගින් දෙපාර්තමේන්තු ද්විත්වයක් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වසා දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරිමයි.
ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව ඈවර කරමින් වසා දමා ඇත.
එමෙන්ම, සංස්ථාපිත නියෝගයක් මගින් සංස්ථාවක් බවට පරිවර්තනය කර 1990 පෙබරවාරි 06 වනදා ගැසට් පත්‍රයේ පළ කරන ලද විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව ද ඈවර කර වසා දමා ඇත