චීන යුද පුහුණු නැවක් ලංකාවට. - ඉන්දියාව සහ චීනය ගැන මෙරට රජය ගත් අලුත්ම තීරණය මෙන්න.

Vijitha Herath Sri Lanka Cabinet Government Of Sri Lanka China India
By Wayomi Oct 08, 2024 06:53 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීම මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ ඔහු කියා සිටියේ, "ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා," යනුවෙනි.

ඔහු තවදුරටත් පැවසුවේ චීන යුද පුහුණු නැවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට රජය විසින් අවසර ලබාදුන් බවත්,එම නෞකාව මෙම මාසයේදී මෙරටට් පැමිණීමට නියමිත බවත් සඳහන් කළා. එම නෞකාව මෙම මාසයේදී මෙරටට් පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෞද්ගලික ලේඛම් රටට හෙළිකරන්න යන අරගලයේ රහස්. - CID ඇවිත් කළ දේ. - (VIDEO)

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.

පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය. - මෙන්න එම ලැයිස්තුව.


"අපි ඇත්තටම කිසිදු රටක් පිළිබඳව විශේෂත්වයක් සලකන්නේ නෑ. රට ලොකු වුණත් රට පොඩි වුණත් ශ්‍රී ලංකාව ඒ සියලුම රටවල් එක්ක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා. අපිට භේදයක් නෑ චීනයත් එක්කත් ඉන්දියාව එක්කත් අමෙරිකාව එක්කත් රුසියාව, කියුබාව සහ වියට්නාමය එක්කත් අපි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා. ඉන්දියාව එක්ක ගනුදෙනු කරනවා වගේම චීනය එක්කත් අපි ගනුදෙනු කරනවා. චීනය මගින් විහාරස්ථාන සඳහා සෝලා පැනල් ලබාදීමේ ව්‍යාපෘතියක් තියෙනවා. අපි ඒකට මැදිහත් වෙනවා. මේ මාසේ තව නොබෝ දිනකින් චීන යුද පුහුණු නැවක් ලංකාවට එනවා. ඒ සඳහා අපි අවසරය දීලා තියෙනවා. ඒක කිසිම ලංකාවේ ආරක්ෂාවට හානියක් වෙන එකක් නොවෙයි. මීට කලිනුත් අමෙරිකානු, ඉන්දියානු, ජර්මන් යුද අභ්‍යාස නැව් ඇවිල්ලා තියෙනවා. එවැනි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලදී අපි සමබරව අපි හැම රටක් එක්කම කටයුතු කරනවා..."

ජනාධිපති අනුරට ඩයනා කැමැත්ත දෙයි . - මහින්ද වශී බෝලයට වඩා අනුරගේ වශී බෝලය බලවත්ලු.

ජනාධිපති අනුරට ඩයනා කැමැත්ත දෙයි . - මහින්ද වශී බෝලයට වඩා අනුරගේ වශී බෝලය බලවත්ලු.