රාජ්‍ය ආයතනවලින් පමා නොවී පිළිතුරු ලබා ගන්න නම් ජනතාව කල යුතු දේ මෙන්න - අමාත්‍යංශයෙන් නිවේදනයක්..!
අමාත්‍යංශ මෙන්ම රාජ්‍ය ආයතන වෙත ජනතාව ලිපි යොමු කරන විට, එම ලිපි යොමුකරන්නාගේ ලිපිනය පමණක් නොව දුරකතන අංක (ස්ථාවර හා ජංගම), වට්ස්ඇප් අංකයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක්(ඊමේල්) සඳහන් කර එවන්නේ නම් පිළිතුරු ලබා ගැනීමේ පමාව වළක්වාගත හැකි බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා..
ජනතාවගේ ලිපි, විද්‍යුත් ලිපි, දුරකතන පණිවුඩ ආදී සියලු විමසීම් සඳහා කඩිනමින් රාජ්‍ය නිලධාරීන් පිළිතුරු දියයුතු බවට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත, අමාත්‍යංශ ලේකම්වරයා චක්‍රලේඛයක් පසුගිය 2022.09.29 වෙනිදා නිකුත් කළ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.
ජනතාව රජයේ ආයතන වෙත ලිපි එවීමේදී, ලිපිනය පමණක් නොව දුරකතන අංක, වට්ස්ඇප් අංකයක්, ව්ද්‍යුත් තැපැල් ලිපිනයක් සඳහන් කර එවන ලෙස ඉල්ලා සිටින්නේ, ක්ෂණික පිළිතුරු එවීමට අවශ්‍ය අවස්ථාවල, ලිපි මගින් ම එවීමේදී ඇතිවිය හැකි පමාව වළක්වා ගැනීම සඳහා බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළා .
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...  | 
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        