මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට මහජන අදහස් කැඳවීමේ අවසන් දිනය නිකුත් කරයි
sri lanka
Politics
election
By Sithumi
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ලබන ජූනි මස 19 වන දින හෝ ඊට පෙර ලිඛිතව දන්වා එවන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව, එම කාරක සභාවට යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මහජනතාවට සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සංවිධාන වලට එකී අදහස් ලිඛිතව හෝ sec.pscelectionreforms2021@parliament.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ එවන ලෙස, එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළා ය.
එම යෝජනා තැපැල් මගින් එවන්නේ නම් ලිඛිත යෝජනා හා අදහස් ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට එවිය යුතුය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |