අමතර සේවා දින සහ OT දීමනා දිගටම දෙනවා - රජය නිවේදනය කරයි

Sri Lanka Ministry of Health Sri Lanka Sri Lanka Government
By Zara Mar 25, 2025 05:30 PM GMT
Zara

Zara

Report

සංශෝධනය කිරීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අමතර සේවා පැය සඳහා මෙතෙක් ගෙවනු ලැබූ දීමනා ක්‍රමය යළි පෙර පරිදිම පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී එයින් කොටසක් ගෙවීමට රජය යෝජනා කර ඇති අතර, ආර්ථික තත්ත්වය යහපත් වූ වහාම එම සම්පූර්ණ මුදල ගෙවීමට අදාළ චක්‍රලේඛය තුළ නීතිමය ප්‍රතිපාදන සපයා තිබෙනවා.

ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළේ, වසර 40ක පමණ සිට ගෙනවු ලැබූ විස්සෙන් එකේ දීමනාව තිහෙන් එක බවට පත් කිරීමටත්, වෛද්‍ය වෘත්තිකයින්ට සහ පරිපූරක වෛද්‍ය හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් සඳහා අමතර පැයකට ගෙවන ලද ගෙවන ලද අසූවෙන් එක සහ එකසිය හැටෙන් එකක දීමනා පිළිවෙළින් එකසිය විස්සෙන් එක සහ දෙසීයෙන් එක දක්වා අඩු කිරීමට පියවර ගන්නා බවයි.

ශ්‍රී පාදයේ ගොස් කට වරද්ද ගත් අයට වැඩ වරදී

ශ්‍රී පාදයේ ගොස් කට වරද්ද ගත් අයට වැඩ වරදී

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ

පන්සලේ සරුවට වවලා මාට්ටු වූ හාමුදුරුවෝ

ReeCha