නගර සභාවක පාලනය බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට

By Sewvandhi Jul 15, 2021 08:15 AM GMT
Report

සමගි ජන බලවේගය යටතේ පැවති නාවලපිටිය නගර සභාවේ පාලනය බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමව තිබෙනවා. 

ඒ එම සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති නිලවරණයේදීයි

. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමල් ප්‍රියංකර නව සභාපතිවරයා ලෙස පත්ව ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එහිදී නගර සභාවේ සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට පැමිණ නොමැති අතර මෙතෙක් පාලන පක්ෂයට සහය දැක්වූ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණට සහය දැක්වූ නිසා අමල් ප්‍රියංකර, වැඩි ඡන්දයෙන් සභාපතිවරයා ලෙස තෝරා පත් කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now