ඉක්මනින් රට විවෘත කළ යුතුයි - ජනපති

lockdown Sri lanka gotabhaya rajapaksha
By Sithumi Jul 05, 2021 02:37 PM GMT
Report

එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.   

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී ජනාධිපතිවරයා ඒ බව පැවසීය. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ හැකි ඉක්මණින් රට විවෘත නොකළොත් ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නොමැති බවය. 

 "එන්නත් මිලියන 9ක් මේ මාසෙට අපිට ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අපිට සැප්තැම්බර් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න පුළුවන් තත්ත්වයක්. මොකද අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ." මේ අතර ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී 99 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බවය.