අභියාචනාධිකරණයටත් 'ඔෆීෂියලි' බොරු කළ පොලිසිය....
වැලිගම w15 අපරාධයට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 06 දෙනෙක් විමර්ශන අවසන් වනතුරු අත් අඩංගුවට නොගන්නා ලෙස දෙපාර්ශවයේ නීතිඥවරු අභියාචනාධිකරණයේ දී එකඟතාවයක් ඇති කරගෙන ඇති බවට පෙරේදා (16) පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ මුලුමනින්ම අසත්‍යයක් බව අභියාචනාධිකරණය විසින් ඊයේ (17) දැන්වූයේය.
අදාල නිවේදනය පිළිබඳ ඊයේ අධිකරණයේ දැඩි අවධානයට ලක් වන්නේ එය විනිසුරුවරුන් වෙත යොමු කරවමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මතු කළ කරුණුත් සමගය.
ඔහු පැවසුවේ මෙම එකඟතාවය ඇති කරගෙන මාස තුනකට වැඩි කාලයක් ගතවී ඇති බවය. එසේ තිබිය දී පොලිසිය පෙරේදා හදිසියේ නිවේදනයක් නිකුත් කිරීම අභියාචනාධිකරණ නියෝගයට බලපෑමක් එල්ල කිරීමේ අරමුණින් සිදුකළා ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.
පොලිසියේ නිවේදනය විවෘත අධිකරණය හමුවේ අධ්‍යයනය කළ වැඩ බලන සභාපති විනිසුරුවරයා කියා සිටියේ මෙවැනි නියෝගයක් තම අධිකරණය විසින් ලබා දී නොමැති බවයි.
