ජනපති ගෝඨාභය යැයි නර්තනයේ යෙදන සමාජ මාධ්‍ය උණුසුම් කළ වීඩියොව...ඇත්ත නැත්ත මෙන්න(VIDEO)

Sri Lanka President Gotabaya Rajapakshe Music Gotabaya Rajapakshe dancing video
By Aruna Jan 21, 2022 05:31 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නර්තනයේ යෙදෙන අවස්ථාවක් යැයි පැවසෙන සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් මේ දින වල කතා බහක් ඇතිව තිබෙනවා.

මෙම වීඩියෝවේ නර්තනය යෙදෙන පුද්ගලයා ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රූපයට සමාන කමක් තිබුණත් වීඩියෝවේ රූප රාමූ එකින් එකට නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබුණේ, හැඩහුරුකමට සමාන වෙනත් පුද්ගලයෙකු බවයි.

කෙසේවෙතත් මෙම වීඩියෝවේ නර්තනය යෙදෙන පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා නොව ඩූලන්ඩ් ද සිල්වා (Dooland De Silva) යන බවට Twitter පණිවිඩ ඔස්සේ සහ Facebook ගිණුම් ඔස්සේ ඇතැම් අය සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශයද සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ නර්ථනය යෙදෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවන බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now