උතුරේ ජනතාවට සුබ ආරංචියක් - මෙන්න විස්තරේ

Report

යාපනය පලාලි ප්‍රදේශයේ ආරක්ෂක අංශ සතුව පෞද්ගලික ඉඩම් පවතින අතර එම ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක නිලධාරීන් සමග පවත්වා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති අදාළ සාකච්ඡාව අතරතුරේදී ඉඩම් සම්බන්ධයෙන් වන සීමා නැවත සකස් කිරීම,අවසන් කිරීම සහ නිදහස් කිරීමට මූලිකත්වය දිය යුතු ඉඩම් කොටස් තීරණය කිරීම මෙන්ම ඒවාට ඇති බාධා සොයා නිසි පිළියම් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මාරම මාරයි ඇහුවත් සතුටු හිතෙන ඉහළ ගිය නැති අද රන් මිල මෙන්න

මාරම මාරයි ඇහුවත් සතුටු හිතෙන ඉහළ ගිය නැති අද රන් මිල මෙන්න

මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් එක්ව සිට තිබේ.

එහිදි අත්‍යවශ්‍ය ආරක්‍ෂක යටිතල පහසුකම්වලට හානි නොවන පරිදි, නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිත ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත නැවත ලැබීම සහතික කෙරෙන විනිවිඳභාවයෙන් යුතු හා සාධාරණ ක්‍රියාවලියක් ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකෙරුණු බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති හා ටිල්වින් සිල්වා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති හා ටිල්වින් සිල්වා අතර හමුවක්