හදීසියෙම රත්තරන් මිල පහළට - දැන්ම ගන්න මෙන්න මිල
පසුගිය සතියේ ආරම්භයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන් මිලෙහි දැවැන්ත පහත වැටීමක් සිදුවී ඇති බව වෙළඳපොළ විශ්ලේෂකයින් වාර්තා කර ඇත. මැදපෙරදිග යුද ආතතීන් හේතුවෙන් පසුගිය සතියේ රන් මිල උපරිමයට පැමිණියේය.
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද රන් මිල රුපියල් 2000 කින් පමණ පහත වැටී ඇත. මෙම තත්ත්වය තුළ, අද (09) වන විට කොළඹ චෙට්ටියාර් වීදියේ රන් අලෙවිය, කැරට් 22 රන් පවුමකට රුපියල් 377,400 කට අලෙවි වේ.
පසුගිය සතිය ආරම්භයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 388,500 කට අලෙවි විය. එසේම, කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් 408,000 දක්වා අඩු වී ඇත.
පසුගිය සතිය මුලදී කැරට් 24 රන් පවුමක මිල රුපියල් 420,000 කට අලෙවි විය. මේ අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඇමරිකානු ඩොලර් 5095 දක්වා ඉහළ ගොස් ඇත.