සතියක් තුළ මෙරට රන් මිල රු 38,000කින් පහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමත් සමඟ මෙරට රන් මිලද අද (24) දිනයේ තවත් රුපියල් 5,000කින් අඩුවී තිබේ.
මේ අනුව පසුගිය සතියට සාපේක්ෂව සමස්ත පහළ යාම රුපියල් 38,000ක් පමණ වේ. කැරට් 24 රන් පවුමක මිල පසුගිය 17 වැනිදා රුපියල් 408,000ක් ලෙස තිබූ අතර, අද එය රුපියල් 370,000ක් දක්වා පහළ ගොස් ඇත.
එසේම, කැරට් 22 රන් පවුමක මිලද රුපියල් 375,300 සිට රුපියල් 340,400 දක්වා අඩුවී ඇත.
එම අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ රන් මිලද අද දිනයේ පහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,344ක් ලෙස වාර්තා වේ.