පිස්සු හැදෙයි පවුමක රන් ආභරණයක් රු 20000 කින් ඉහළට - නවතම මිල ගණන් මෙන්න

Report

ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළ යාමත් සමඟම නිමා කරන ලද රන් ආභරණවල මිල ද ඉහළ යන බවත් සාමාන්‍යයෙන් පවුමක රන් ආභරණයක මිල රුපියල් විසි දහසකින් පමණ ඉහළ ගොස් ඇති බවත් සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ පවුමක බරින් යුත් සාමාන්‍ය රන් මාලයක මිල රුපියල් තුන්ලක්ෂ විසිපන්දහසේ සිට රුපියල් තුන්ලක්ෂ හතළිසපන්දහස පමණ දක්වා ද පවුමක බරින් යුත් මංගල රන්මාලයක මිල රුපියල් තුන්ලක්ෂ අසූදහසේ සිට රුපියල් ලක්ෂ හතර පමණ දක්වා ද මුද්දක මිල රුපියල් තුන් ලක්ෂ හැටදහසේ සිට රුපියල් තුන් ලක්ෂ අසූ දහස පමණ දක්වා ද ඉහළ යන බවයි.

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

තවද පවුමක බරින් යුත් සාමාන්‍ය වළල්ලක මිල රුපියල් තුන්ලක්ෂ හතලිස්දහසේ පමණ සිට රුපියල් තුන්ලක්ෂ හැටදහස පමණ දක්වා ද මංගල වළල්ලක මිල රුපියල් තුන්ලක්ෂ හැත්තෑ දහසේ සිට රුපියල් තුන්ලක්ෂ අනූදහස පමණ දක්වා ද වැඩිවන බව ආර්. බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කරයි.

එසේම මේ වන විට කැරට් 24 පවුමක මිල රුපියල් තුන් ලක්ෂ පනස්හතරදහස දක්වා ද කැරට් 22 පවුමක මිල රුපියල් තුන් ලක්ෂ විසිහත්දහස් පන්සියය දක්වා ද වැඩි වී ඇති බව ද ඔහු කියයි.

කෙසේ වෙතත් රත්රන් මිල මේ අවස්ථාවේදී මෙසේ ඉහළ ගොස් ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර යුද ගැටුමක් ඇතිවේය යන උපකල්පනය යටතේ ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල ඉහළ ගොස් ඇති බවත් යුද ගැටුමක් ඇති වුවහොත් අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවනු ඇතැයි යන කාරණය යටතේ ලෝක වෙළෙඳපොළේ රත්රන් තොග රැස්කිරීමට කටයුතු කිරීම හේතුවෙන් බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

සජිත්ගේ නව බලවේගය? එජාප ප්‍රබලයෝ සමඟ තීරණාත්මක හමුව

සජිත්ගේ නව බලවේගය? එජාප ප්‍රබලයෝ සමඟ තීරණාත්මක හමුව

තවත් බෝම්බ තර්ජනයක් - පිට පිට ජනතාව බය කරන්න හේතුව මොකද්ද? ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන්

තවත් බෝම්බ තර්ජනයක් - පිට පිට ජනතාව බය කරන්න හේතුව මොකද්ද? ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන්

වාහන වෙළඳපොළට ඉදිරියේදී උදාවන්නාවූ තත්වය

වාහන වෙළඳපොළට ඉදිරියේදී උදාවන්නාවූ තත්වය