මාලිමා ආණ්ඩුව පිටුපස අන්තවාදී හස්තයක්
මාලිමා ආණ්ඩුව පිටුපස අන්තවාදී හස්තයක් ක්‍රියාත්මක වන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්.
මෙහිදී ආගමික කෘති මෙරටට ගෙන්වීමට පනවා තිබු තැනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ අදහස් දක්වා සිටියා. එමෙන්ම කාගේ අවසරයක් ඇතුව ද මෙම තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ද යන්න සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහිදී ප්‍රශ්න කර සිටියා.
එමෙන්ම මෙම කෘති මෙරට සිටින මුස්ලිම්වරුන් කියවමින් විකෘති වන බව ද ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් මෙහිදී අවධාරණය කර සිටියා.