රටේ මරණවලින් 80%කට බෝනොවෙන රෝග- රුධිර පීඩනය හා දියවැඩියාවෙන් බරපතළ අනතුරක්

Report

අප රටේ සිදුවන සමස්ත මරණවලින් 80%කටම හේතු වී ඇත්තේ බෝනොවෙන රෝග බවත්, එම මරණ අතරින් ඉදිරියෙන්ම පවතින්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කර තිබේ .

ඒ වගේම මෙම රෝග දෙක එකිනෙක හා සම්බන්ධ වීමෙන් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තුළ බරපතළ සංකූලතා රැසක් ඇති බව එතුමා පෙන්වා දෙයි.

    එහි දරුණුතම ප්‍රතිඵලය හෘදයාබාධ ඇති වීම බවද අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ දින එක්වෙමිනි.

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

   සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

"අපේ රටේ සිදු වන සමස්ත මරණවලින් 80%කටම හේතු වන්නේ බෝනොවෙන රෝගයි. මෙසේ මියයන 80% අතරින් ඉදිරියෙන්ම තිබෙන්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාවයි. අපි මේවා හඳුන්වන්නේ 'NCDs' (Non-Communicable Diseases) ලෙසයි. මෙහි තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ මෙම රෝග දෙක එකිනෙක හා සම්බන්ධ වී, පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තුළ සංකූලතා රාශියක් ඇති කිරීමයි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය දෙස බැලුවහොත්, අධික රුධිර පීඩනයෙන් පෙළෙන පිරිසගෙන් සාර්ථක පාලනයක (Effective control) සිටින්නේ 50%ක් පමණයි. එමෙන්ම, දියවැඩියා රෝගීන්ගෙන් නිසි පාලනයක සිටින්නේ 25%ක් වැනි කුඩා ප්‍රතිශතයක් පමණයි. මෙන්න මේ තත්ත්වය නිසා අද වන විට මෙය සමාජය තුළ විශාල ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මෙම රෝග දෙකෙහිම තිබෙන නරකම සංකූලතාව වන්නේ 'MI' නැතහොත් හෘදයාබාධ ඇති වීමයි.

ප්‍රධානතම සංකූලතාව බවට පත්වන්නේ ද මෙයයි. එසේ නම්, අප කොහොමද මේ නවීන වසංගතය පාලනය කරන්නේ? අප හමුවේ ඇති විශාලම අභියෝගය වන්නේ මෙයයි. රට පුරා නවීන පහසුකම් ඇති කරන ගමන්ම, අපේ සෞඛ්‍ය පද්ධතිය විසින් අපේ රටේ ජනගහන ව්‍යුහය සහ රෝග තත්ත්වයන්ගේ ඇති වී තිබෙන වෙනස හඳුනාගත යුතුව තිබුණා. ඒ අනුව, අපේ සෞඛ්‍ය පද්ධතියත් ඊට ගැලපෙන ක්‍රවේදයන්ට සකස් කරගත යුතුව තිබෙනවා. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ප්‍රතිපත්තිවලට අනුව, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට කරගෙන යනු ලබන්නේ එවැනි දැවැන්ත වැඩපිළිවෙළක්. එහි ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. ආරෝග්‍යා (Arogya), Cluster Systems සහ High-End Care Institutions යන තුන අපේ සෞඛ්‍ය පද්ධතියට ගැලපෙන ලෙස සකස් කරගැනීම ඉදිරියට ඉතා වැදගත් වෙනවා."

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

තව දින 10කින් දිවයින පුරා තද වැසි - ගංවතුර සහ නායයෑම් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්