දළදා වහන්සේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක්.... මහා මොලකරු භික්ෂුවක් (VIDEO)

Kandy Athuraliye Rathana Thero Sri Lanka Galagoda Aththe Gnanasara Thero
By Akash Mar 11, 2025 08:30 AM GMT
Akash

Akash

Report

සිර භාරයේ සිට ඇප ලබා නිදහස් වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ දිනවල පුවත් මවන්නෙකු බවට පත්ව සිටීම දැක ගැනීමට හැකිව තිබෙනවා.

ඒ අනුව උන්වහනේ පසුගිය දින ගණනාවක් තිස්සේ ආන්දෝලනාත්මක පුවත් රැසක් මවමින් ප්‍රකාශ නිකුත් කර තිබුනා. එහිදී කුමන්ත්‍රණ සම්බන්ධයෙන් කරුණු රැසක් පල වුනා.

නමුත් මේවන විට නව කුමන්ත්‍රණයක් පිළිබඳව උන්වහන්සේ මෙසේ කරුණු පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව දළදා වහන්සේ පැහැරගැනීමට සියල්ල සැලසුම් කරමින් සිදුකළ කුමන්ත්‍රණයක් පිළිබඳ කරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් නවතම කරුණු අනාවරණය කර තිබෙනවා.

මෙම සැලසුමේදී වීදුරු කැපීමේ කටයුතු සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට සිංගප්පූරුව වෙත යාමටද කුමන්ත්‍රණකරුවන් කටයුතු කර තිබූ බව උන් වහන්සේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියා.

දළදා වහන්සේ භාරයේ තබා ගන්නා පුද්ගලයා සතුව රාජ්‍ය බලය පවතින බවට වූ අදහස අනුව දළදා වහන්සේ පැහැර ගනිමින් රාජ්‍ය බලයට අභියෝග කිරීමට කුමන්ත්‍රණකරුවන් සැලසුම් කර තිබූ බවත් හිමියෝ සඳහන් කර තිබෙනවා.

තමන් වහන්සේ ද එම කුමන්ත්‍රණයෙහි පාර්ශවකරුවෙකු බවත් පවසන ඥාණසාර හිමි පැහැර ගත් දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමේ කටයුත්ත තමා වෙත පැවරී තිබු බව කියා සිටියා. සැලසුමෙහි මහ මොළකරුවා ලෙස අතුරලියේ රතන නම් භික්‍ෂුවක් කටයුතු කළ බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කර තිබෙනවා.

ReeCha