ඕස්ට්‍රේලියානු සංක්‍රමණ ප්‍රතිපත්තියට පෝලීන් හැන්සන්ගෙන් දැඩි විවේචන - ‘ඕස්ට්‍රේලියානු සිහිනය’ දකින අයට වැදගත් පුවතක්
ඕස්ට්‍රේලියානු රජය සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළද, ඉදිරි වසර හතර තුළ රටට පැමිණෙන ශුද්ධ විදේශීය සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 920,000ක් පමණ වනු ඇතැයි ෆෙඩරල් අයවැය අනාවැකි පෙන්වා දෙන බව One Nation පක්ෂ නායිකා පෝලීන් හැන්සන් පවසනවා.
2026-27 ෆෙඩරල් අයවැය අනුව, 2026–27 මූල්‍ය වර්ෂයේදී ශුද්ධ විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 245,000ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
එමෙන්ම 2027-28 සිට 2029–30 දක්වා සෑම මූල්‍ය වර්ෂයකදීම ශුද්ධ විදේශ සංක්‍රමණිකයන් 225,000ක් බැගින් පැමිණෙනු ඇතැයි අයවැය අනාවැකි පළ කර තිබෙනවා.
ඒ අනුව වසර හතර සඳහා ශුද්ධ විදේශ සංක්‍රමණිකයන්ගේ සමස්ත සංඛ්‍යාව 920,000ක් වන බවයි හැන්සන් පෙන්වා දෙන්නේ. රජය සංක්‍රමණය සීමා කිරීමට ගන්නා නව පියවර ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරන ඇය, සංක්‍රමණික සංඛ්‍යාව තවදුරටත් සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බව අවධාරණය කරනවා.
තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන්, පවුල් සාමාජිකයන් සඳහා වන වීසා, එක් වීසා වර්ගයකින් තවත් වීසා වර්ගයකට මාරුවීම සහ වීසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ග රැසක් සංක්‍රමණ අමාත්‍ය ටෝනි බර්ක් විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර, One Nation පක්ෂය වෙනුවෙන් පෝලීන් හැන්සන් ඉදිරිපත් කර ඇති යෝජනාව වන්නේ වසර තුනක් ඇතුළත තාවකාලික සංක්‍රමණය 750,000කට වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමයි.
ඉන් අනතුරුව ශුද්ධ විදේශ සංක්‍රමණය වසරකට 130,000ක මට්ටමකට සීමා කළ යුතු බවට ඇය යෝජනා කර තිබෙනවා.