දුන්න පැය 48 අවසන් - GMOA අද විශේෂ විධායක සභා රැස්වීමක්
තම ගැටලු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් විශේෂ විධායක සභා රැස්වීමක් අද (31) දින පැවැත්වෙන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ සිය ගැටලු විසඳීම වෙනුවෙන් රජයට ලබාදී ඇති පැය 48ක කාලය අවසන් වී ඇති බවයි.
එසේ වුවත් ආණ්ඩුව මේ වනතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද ඔහු සඳහන් කළා.