ලෝක අර්බුදය ලංකාවේ කෑම මේසයටත් බලපායි - තිරිඟු පිටි මිල ගැන නියෝජ්‍ය ඇමැති කියූ කතාව
ලෝකයේ පවතින යුධමය තත්ත්වයන් හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ යාමට බලපා ඇති බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ලෝකයේ පවතින යුධමය තත්ත්වයන් හමුවේ භාණ්ඩ ප්‍රවාහනය සහ රක්ෂණය සඳහා වැයවන ගාස්තු ඉහළ ගොස් ඇති අතර, එම අමතර වියදම් ආනයනය කරන භාණ්ඩවල මිලට එකතු වන බවයි.
ජනතාවට සිදුවන ආර්ථික පීඩනය අවම කිරීම සඳහා රජය සැලකිය යුතු මැදිහත්වීමක් සිදුකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්
ඒ සඳහා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මට්ටමින් මෙන්ම ජනාධිපතිවරයාගේ මට්ටමින්ද අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බව ඔහු පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ මොනරාගල ප්‍රදේශයේ නළ ළිං අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.