16 හැවිරිදි දැරියක් අතුරුදහන්

girl missing kottawa grand mother police inquiry slab
By Sewvandhi Jul 20, 2021 09:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

16 හැවිරිදි දැරියක් අතුරුදන් ව ඇතැයි කොට්ටාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වන එම දැරිය ඊයේ දහවල් 1.30ට පමණ රෙදි දැමීම සඳහා ගිය අවස්ථාවේ දී අතුරුදන් ව ඇතැයි ඥාතීන් පවසන්නේ.

ඇය සිය මිතත්ණිය සමඟ නිවසේ සිට ඇති අතර රෙදි වේලීම සඳහා නිවසේ සැලැබ් එක මතට නැඟ ඇති අතර පසුව මිත්තණිය විනාඩි කිහිපයක් බලා සිටිය ද මිණිබිරිය නොපැමිණීම හේතුවෙන් කලබලයට පත්ව දැරියගේ මවට පවසා ඇත.

දැරියගේ මව ද රෝගාතුරව සිටින කාන්තාවක් වන අතර, පසුව ඇය විසින් කොට්ටාව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha