පිළිස්සුම් තුවාල ලබා මිය ගිය දැරියගේ නඩුවේ "රිෂාඩ්" සැකකරුවෙක් කරන හේතුව මෙන්න..

hatton rishad badurdeen dayagama ishalini rajindra jayasooriya
By Sewvandhi Jul 27, 2021 02:19 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙමින් සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය 16 හැවිරිදි දැරියගේ මෘත දේහය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (26) නියෝග කළා.

මෙම දැරිය සම්බන්ධයෙන් දුර්වල මරණ පරීක්ෂණයක් සිදුවී ඇති බවට සැකයක් පවතින බැවින් නැවත විධිමත් වෛද්‍ය කණ්ඩායමක් පත්කර මරණ පරීක්ෂණය පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස පැමිණිල්ල විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මුල් අවධියේ පැවතීම හේතුවෙන් සැකකරුවන් ලබන 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර සිටියා.

මෙම සැකකරුවන් රටේ යම් තනතුරක් දරන බලයක් හිමි පුද්ගලයකුගේ පවුලක සාමාජිකයන් වන බැවින් සැකකරුවන්ට ඇප ලබා දීමෙන් විමර්ශනවලට බාධා වන බවත් සාක්ෂිවලට සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇති විය හැකි සේ ම සාක්ෂි අතුරුදහන් විය හැකි බවත් නිරීක්ෂණය කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන බව මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පැවසුවා.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ දැරිය පිළිස්සීමට ලක් වූ නිවසේ ගෘහමූලිකයා වශයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කටයුතුකර ඇති බවත් ඔහු ද මෙම නඩුකරයේ සැකකරුවකු වශයෙන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now