දැන් මට පාරේ බැහැල යන්න විදිහක් නැතුව ඉන්නේ. හුරුබුහුටි ගීත්මා බණ්ඩාර කියන කතාව. (PHOTOS)
ගීත්මා බණ්ඩාර කිව්වහම අපිට මුලින්ම මතකෙට එන්නේ සංගීතය ටෙලි නිර්මාණයයි. ඒ වගේම මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍ය අතරින් ඉහලින්ම තියෙන ටෙලිනාට්‍යක් තමයි සංගීතේ. එහි ප්‍රධාන චරිතයක් වන අසේනිගේ චරිතයට පන පොවන ඇය ගොඩාක් ජනප්‍රිය චරිතයක්.
එම චරිතය ඇගේ රංගන ජීවිතයේ ප්‍රධාන චරිතය හමුවූ මුල්ම නිර්මාණයයි.2018 හිරු අවුරුදු කුමරිය තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමත් සමඟම තමයි ඇයට රංගනයන් සඳහා අරාධනා ලැබෙන්නේ. එම තරඟයෙන් පසුව ඇය මෝස්‌තර නිරුපිකාවක සහ වෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළා. ලංකාවම හදුනන දක්ෂ නිලියක් වීම නිසා ගොඩ දෙනෙක් ඇයට ආදරය කරනවා.
ඉතින් ඇයගේ රංගනයන් නිසා කවදාවත් තමන්ගේ නමට කැළලක් ඇති කරගන්නේ නෑ කියල පුවත් පතකට මෙලෙස කියා සිටියා. ඇත්තටම මම රංගනයේදී මහ ලොකු සීමා පනවාගෙන නැහැ.ඒත් රඟපාන චරිතයක් නිසා කිසිම වෙලාවක මගේ පෞද්ගලික චරිතයට හානියක් වෙන්න බෑ. ගොඩක් වෙලාවට ඇඳුම් සම්බන්ධ දේවල්වලටත් සීමා තියෙනවා මම ගොඩක් කොට ඇඳුම් ඇඳලා රඟපාන්නේ නෑ.
ඉනිත් ප්‍රධානම දේ තමයි සංගීතේ ටෙලි නාට්‍යයේ මම කරන චරිතයට හානියක් වෙන නිරූපණයක් මම කරන්නෙත් නැහැ. කියලත් ඇය පවසනවා. ඇත්තටම කිව්වොත් අද වෙද්දී පාරේ බැහැලා යන්නත් බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා. මගකදී දකින කෙනෙක් වුනත් අඳුරගෙන ලඟට ඇවිත් කතාකරනවා. එක පැත්තකින් ඒක හරිම සතුටක් හොඳ ප්‍රතිචාර ලැබෙද්දී දැනෙන දේ කියාගන්න බැරි තරම්. සිනමාවටත් එකතු වෙන්න අදහසක් තියනවා.
ඉදිරියේදී හොඳ දෙයකට ආරාධනා ලැබුනත් අනිවාර්යෙන්ම මගේ උපරිම දායකත්වය ඒ වෙනුවෙන් ලබාදෙනවා. ඕනම නිර්මාණයක් බාරගන්න කලින් පිටපත හොඳ එකක්ද කියලා බලලයි මන් උත්තරයක් දෙන්නේ. දැනට මම රංගනය පමණයි කරන්නේ. නමුත් ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මම හිතනවා දවසින් දවස පරිණත වෙනකොට තවත් බොහෝ දේවල් ජීවිතයට ලැබෙයි කියලා. ලංකාව වගේ රටක වෘත්තීය මට්ටමේ නිළියක් වෙලා ජීවත් වෙන්න අමාරුයි කියලා මට හිතෙනවා.ජනප්‍රිය දක්ෂ නිලියක් වෙන්න ආසයි.
අධ්‍යපනයෙන් ඉහලට යන එක මේ යන ගමනට ආභරණයක් වේවි. උගත් නිලියක් විදිහට දුර ගමනක් යන්න තමයි මගේ අරමුණ.බොහොදෙනාගෙන් ආදරය ලැබුනා. මාව වට්ටන්න ගොඩක් අමරුයි. ගීත්මා බණ්ඩාර බ්‍රෑන්ඩ් එකක් විදිහට තියා ගන්න තමයි මම වැඩ කරන්නේ. විශේෂ අය ගොඩක් මට ආදරේ කරනවා කියාලා හිතෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |