නවසීලන්ත ‘A’ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
නවසීලන්ත ‘A’ ක්‍රිකට් කණ්ඩායම තරගාවලි සංචාරයක් සඳහා අද (03) අලුයම දිවයිනට පැමිණ තිබේ.
සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්. කිව් – 468 දරණ ගුවන් යානයෙන් මෙම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණි නවසීලන්ත ‘A’ කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
නවසීලන්ත ‘A’ කණ්ඩායම ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමග එක් දින තරග තුනක් සහ සිව් දින තරග දෙකකට සහභාගී වීමට නියමිතව තිබේ .
ඒ අනුව පළමු එක්දින තරගය ලබන 05 වනදා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතය ඒ වගේම දෙවන සහ තුන්වන එක්දින තරග ලබන 08 සහ 11 වනදා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබේ.
සිව්දින තරගාවලියේ පළමු තරගය සූරියවැව ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් 16 වනදා දින සිට 19 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත දෙවන සිව්දින තරගය අප්‍රේල් 23 වනදා සිට 26 වනදා දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව ඇත.