මියන්මාරයේ නව ජනාධිපති ලෙස ජෙනරාල් මින් අන්ග් හලින්ග් පත්වෙයි
මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස ජෙනරාල් 'මින් අන්ග් හලින්ග්' පාර්ලිමේන්තුවේදී තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.
එහිදී හමුදාහිතවාදී මන්ත්‍රී ආසන 584න් 429ක පක්ෂපාතීත්වය ජෙනරාල් මින් අවුන් හ්ලියැං හට ලැබී ඇති බව එහි දක්වා තිබේ.
ඔහු 2021 වසරේදී මියන්මාරයේ බලය හෙබවූ අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගෙන රටෙහි බලය තමන් සතු කරගන්නට සමත් විය.
ඉන් අනතුරුව වසරකින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණයක් පවත්වන බවට ඔහු පොරොන්දු වූව ද ජෙනරාල් මින් අන්ග් හලින්ග් එය ඉටු නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
තවද පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසවල පැවැති මහමැතිවරණයේදී හමුදාවේ සහාය ලබන 'එක්සත් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය' පාර්ලිමේන්තු ආසනවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබේ.
පාර්ලිමේන්තු ආසනවලින් හතරෙන් එකක ප්‍රමාණයක් මැතිවරණයකින් තොරවම සක්‍රීය හමුදා සාමාජිකයින් සඳහා වෙන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ .