අලුත් අවුරුද්දට පරිප්පු නැති වෙයි කියලා හිතපු අයට සුබ ආරංචියක්
එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් උසස් තත්ත්වයේ ඔස්ට්‍රේලියානු පරිප්පු තොගයක් කොළඹ වරායට පැමිණ ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් (Matthew Duckworth) කොළඹ වරාය පරිශ්‍රයේ සිට වීඩියෝවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බව සඳහන්.
ඔහු එහිදී, "ලොව හොඳම පරිප්පු ව්‍යංජනයේ රස බැලීමට ශ්‍රී ලාංකිකයන්ට මෙම උත්සව සමයේදීත් අවස්ථාව ලැබෙනු ඇත" යනුවෙන් පවසා තිබෙන බව වාර්තා වේ.
ජලය අත්හිටුවන කාලය සම්බන්ධයෙන් අලුත් තීරණයක් - මේ ප්‍රදේශවලට ජලය අත්හිටුවන දින ගැනත් නැවත දැනුම්දෙයි
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන පරිප්පු අඛණ්ඩව සැපයීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බවත් මෙම සැපයුම ඔස්සේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවත් මහ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.