ගෑස් මිල අඩු වෙයි ?..ආයෝජකයින් 14 දෙනෙක් ඉදිරිපත් වෙයි..

Report

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් කැඳවීම ඊයේ (15) දින අවසන් කර තිබෙනවා .

මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ, මේ සඳහා ආයෝජකයින් 14 දෙනෙකු ඉදිරිපත් වූ බවයි.

ඒ අනුව,මේ වන විට තොරතුරු වාර්තා වන්නේ, ලාෆ් ලංකා සමාගම මෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් කිහිපයක සමාගම් මෙම අභිලාෂය ඉදිරිපත් කර ඇති බවයි.

මෙම තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී මෙරට පාරිභෝගික ජනතාව ගෑස් මිලෙහි අඩුවීමක් අපේක්ෂාවෙන් සිටියි.

කෙසේවෙතත් ඉදිරි උත්සව සමයේ ගෑස් මිලෙහි පහළ යෑමක් බොහෝදුරට සිදුවිය හැකි යැයි බපාපොරොත්තු වේ.