භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් - මහ බැංකුව කොටු වෙයි - හර්ෂගෙන් සතියක අවසාන නිවේදනයක්
මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය දැනුම්දීම සඳහා සතියක කාලයක් ලබාදී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කළ වාර්තාවේ, මහ බැංකුව ද වගකීමක් දරන බවට කරුණු පෙන්වා දී ඇති බවය.
ආණ්ඩුවට ඩයස්පෝරාව දුන්න මුදල්වලටයි, ඡන්දවලටයි හිලව්වෙන්න රණවිරු බිල්ලක් ඉල්ලලා - සංජීව එදිරිමාන්නගෙන් හෙළිදරව්වක්
මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (08) පස්වරුවේ රැස්ව තිබුණි.
එම රැස්වීමට භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද කැඳවා තිබූ බව වාර්තා වේ.
කාරක සභා රැස්වීමේදී අදාළ සිද්ධිය පිළිබඳ මහා භාණ්ඩාගාරය විසින් සකස් කළ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමිනි.