පෙබරවාරි මාර්තුවල අනිවාරෙන් ලිට්‍රෝ ගෑස් හිඟයක් - චාමර
අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ජනතාවට සහන සැලසීමේදී රජයෙන් සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එසේම එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් මෙරට ඇති විය හැකි ගෑස් හිඟයක් සම්බන්ධයෙන් ද කරුණු සඳහන් කළා.
ඒ අනුව ඔහු කියා සිටියේ නියත ලෙසම ලංකාවේ ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇති වන බවයි.
රන්වල මහත්තයාට බැලුම් පුම්බන්න ඕන නෑ රන්වල මහත්තයාගේ මූණ මිරිකුවොත් අරක්කු භාගයක් ගන්න පුලුවන් - සුද්ද සිංහලෙන් කිව්ව චාමර
" දැන් ලොකු කෙලව ගැනීමක් කෙලවගන්න යන්නේ මොකක්ද මේ ලංකාවේ වැඩිම, 80%ක් පාවිච්චි කරන්නේ ලිට්‍රෝ ග්‍රෑස් එක. ලිට්‍රෝ ගෑස් එක මෙතෙක් කල් කරගෙන ගියේ ඕමාන් රජයේ ආණ්ඩුවෙන්. හැබැයි පළවෙනිදා ඉදන් මේක කැබිනට් අනුමැතියක් දීලා තියෙනවා මං හිතන්නේ ජියෝ ගෑස් කියලා ස්විස්ටර්ලන්තේ කම්පැනියකට. හැබැයි ප්‍රශ්නයක් නැතුව අවුරුදු දහයක් ගෑස් ගෙන්නපු මේ ඕමාන් කොම්පැනිය අයින් කරලා ජියෝ ගෑස් කොම්පැනියට දීලා තියෙනවා. හැබැයි මේ ඕමාන් කොම්පැනියෙන් ගෙනාපු හැම ගෑස් සිලින්ඩරයක්ම මුහුද මැද ඉඳන් ප්‍රමිති ආයතනයෙන් චෙක් කරා. එහෙම චෙක් කරලා තමයි මං හිතන්නේ ගෑස් ටික ගෙනල්ල දුන්නෙ. හැබැයි තාම මේගොල්ලෝ ගිවිසුම් අත්සන් කරලා නෑ. දැන් ටෙන්ඩර් ආවට පස්සේ මේ සමාගම කියනවලු අපිට චෙක් කරන්න බැහැ මුහුද මැදට ගෙනත් ප්‍රමිති ආයතනයෙන් සහතික අවශ්‍ය නෑ කියලා. ඒ වගේම මේ ගොල්ලෝ කියනවලු අපිට නැව් දෙකකින් ගෙනැත් දෙන්න අවස්ථාව දෙන්න කියලා. මම අනිවාර්යයෙන් කියනවා මේ මාසෙ පළවෙනිදා වෙනකොට මේ ගොල්ලෝ තාම ගිවිසුම් අත්සන් කරලා නෑ. තව මාස තුනක් යනකොට මේ සමාගමට මේක ගියොත් අනිවාර්යෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් ලංකාවෙ, නිල් පාට ගෑස් හිඟයක් ඇතිවෙනවා ඒක කාටවත් නවත්තන්න බෑ. එනිසා ආණ්ඩුවක් හැටියට ඕගොල්ලෝ වගකීමෙන් කටයුතු කරන්න ඕන වගකීම් විරහිතව කටයුතු කරන්න ගියොත් මේ ලිට්‍රෝ ගෑස් හිඟය අනිවාර්යයෙන් ලබන පෙබරවාරි මාර්තු වෙනකොට රජයේ ඇතිවෙනවා. මොකද තාම අලුත් සමාගම ටෙන්ඩර් එක අත්සන් කරලා නෑ. අලුත් සමාගම ටෙන්ඩර් එක අරගෙන කොන්දේසි දාන් තබා ගෙන ඉන්නවා අත්සන් කරන්නෙ නැතුව. එනිසා මේ ප්‍රශ්නය වුණොත් ලංකාව මිනිස්සුන්ට ආයෙත් අනිවාර්යෙන්ම ගෑස් නැතුව උයන්න බැරි තත්ත්වෙකට පත්වෙනවා පත්වෙනවාමයි. ඒ වගේම මේ අලුත් සමාගම ආසියාවේ කොහෙවත් ගෑස් බෙදා හැරලා නැති ආයතනයක් බවට පත්වෙලා තියෙනවා"