යළිත් ඉදිරියේදි ගෑස් පෝලිම්...? ප්‍රදේශ රැසකින් ගෑස් හිගයක්..

Gas pric gas problem
By Sithumi Mar 06, 2022 02:33 PM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ. වෙළෙඳපොළ තුළ යළිත් වරක් ගෑස් හිඟයක් නිර්මාණය වී ඇතැයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජනතාව සහ අලෙවි නියෝජිතයන් පවසයි. ගෑස් අලෙවි නියෝජිතයින්, "අපි දැන් අහන්නෙත් නෑ... හොයන්නෙත් නෑ...

ආවොත් විකුණනවා. නැත්නම් නිකන් ඉන්නවා." "මම ගෑස් කඩේ මුදලාලි වෙලා දැන් මට නෑ. මම ගියා කිලෝමීටර් 15ක් 20ක් හැරිලා ආවා ගෑස් එකක් නැතුව." "ගෑස් නැත්තටම නැති කරලා. අපි කඩවල් ඇරගෙන ඉන්නවා දවස් ගානක් ගෑස් එයි කියලා ගෑස් ආවේ නෑ

." මෙම තත්ත්වය පිළිබඳව "කල සොයාබැලීීමකදි ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළේ ඉකුත් සිකුරාදා සිටම ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවය. ඒ අනුව ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහා ද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබේ.

ගෑස් රැගත් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති අතර ඩොලර් අර්බුදය හමුවේ මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම ගැටලුවට හේතු වී ඇති බව ලිට්‍රෝ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට මේ වන විට බලපෑම් එල්ල වී තිබේ.

මේ අතර ඉදිරි දින 3 තුළ ඉන්ධන සහ ගෑස් හිඟයක් තවදුරටත් පැවතියහොත් ඉදිරියේදී බේකරි 75% වසා දැමීමට සිදුවන බව කුඩා හා මහා පරිමාණ බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. මේ අතර ගෑස් හිඟය ඇතුළු ගැටලු වහා විසඳන ලෙස රජයට බලකෙරෙන විරෝධතා කිහිපයක්ම ඊයේ සහ අද පැවැත්වුණි

. උද්ගතව ඇති ගෑස් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඒ පිළිබඳව විමසන ලෙසය.