පාසලක් තුළ සිදුවූ බිහිසුණු පිපිරීමෙන් සිසුන් තිදෙනෙක් රෝහලේ..
By Sewvandhi
ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් මාවතුර කලෛමහල් දෙමළ විද්‍යාල භූමියේදී සිදුවූ පිපිරීමකින් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරෙන් තුවාල ලද සිසුන් තිදෙනා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වැඩිදුරටත් වාර්තා වූයේ ඔවුන්ගෙන් එක් සිසුවෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවය.
ඔහු 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. පාසල් කාලය තුළදී මෙම සිසුන් තිදෙනා එළියට පැමිණි අවස්ථාවේදී බෝලයක් වැනි යමක් දැක ඇති අතර එහිදී එක් සිසුවෙකු එයට පා පහරක් එල්ල කර ඇත.
එහිදී එය පුපුරාගොස් ඇති අතර පිපිරීමත් සමග සිසුවාගේ සපත්තුව කැඩී ගොස් පාදයට හානී සිදුවී තිබේ.
මේ සම්බන්ධයෙන් අප පොලීසියෙන් කළ විමසීමකදී සඳහන් කළේ එලෙස පුපුරා ගියේ කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවය.