හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි..

United National Party
By Aruna Feb 17, 2024 05:01 AM GMT
Aruna

Aruna

Report

හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසු වන්නට වුණා.

මේ අතර රෝගාතුරව සිටි ඔහුගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 11 වනදා කටුගම්පළ පිහිටි ඔහුගේ නිවසට ද ගිය බවයි වාර්තා වූයේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළා.

මේ අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අමාත්‍යධූර කිහිපයක් ද දරණු ලැබුවා.